
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසනවා. කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට නම්, වන්දි ගෙවීම්, සම්බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන නැවැත්වීම ඇතුළු කොන්දේසි අමෙරිකාව සපුරාලිය යුතු බවයි ඉරානය නැවතත් අවධාරණය කරන්නේ. ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කළේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය වන නමුත්, අමෙරිකාව තම ඉල්ලීම් ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි.














