ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා.
ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා.
ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ.
කෙසේ වෙත් පසුගිය පෙබරවාරි මස 28 වනදා සිට අමෙරිකාව සමග එක්ව සිදු කරනු ලබන ප්‍රහාරවලින් මේ වන විට බොහෝ සිවිල් වැසියන් ප්‍රමාණයක් ද මියගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.














