ඉරාන ජනාධිපති Masoud Pezeshkian ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට එල්ල කළ ආක්‍රමණශීලි ක්‍රියාවන් සහ හමුදාමය ප්‍රහාරයන් සඳහා අමෙරිකාව දඬුවම් ලැබිය යුතු බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි.
මේ අතර විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මුණගැසී තිබෙනවා.
මෙහිදී රුසියානු ජනාධිපතිවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ අමෙරිකාව ඉරානයට එල්ල කරනු ලැබූ ප්‍රහාරය තමන් හෙළා දකින බවයි.
ඉරාන විදේශ අමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුව ක්‍රෙම්ලිනයේදී සිදුව තිබෙනවා.