පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව පකිස්ථාන අධිකරණය ඔවුන් දෙපළට වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
2021 රාජ්‍ය සංචාරයකදී සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් විසින් බිබීට සුඛෝපභෝගී ආභරණ කට්ටලයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ත්‍යාග සම්බන්ධයෙන් පකිස්තානයේ නීති කඩ කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස වරදකරුවන් බවට පත් වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම යුවළ දැනටමත් පෙර වැරදි සඳහා සිර දඬුවම් විඳිමින් සිටින අතර, සාපරාධී විශ්වාසය කඩ කිරීම සඳහා වසර 10 ක් සහ සාපරාධී විෂමාචාරය සඳහා වසර හතක් සහ දඩයක් නියමව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නව සිර දඩුවම එම දඩුවම් වලට සමගාවීව සිදු වන බවයි.
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ සිට රාජ්‍ය තෑගි විකිණීම දක්වා නඩු 100කට අධික සංඛ්‍යාවකට ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී තිබෙන විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













