දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් නැමති එන්නත් ඖෂධයෙන් වයල් මිලියන 2.2ක් සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ලංසු කැඳවා තිබෙනවා.
මේ සඳහා ඉන්දියාවේ M/s M.J. Biopharma Private Limited විසින් පමණක් ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා.
ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය එකී සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.