ඉන්දුනීසියාවේ, ලෙවෝටෝබිහි ලකී – ලකී ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. ගිනිකන්ද විදාරණය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ පසුබිමකයි එය සක්‍රීය වී ඇත්තේ. කෙසේ වෙතත් ඉන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. සංචාරක දූපතක් වන ෆ්ලෝරස්ට් හී පිහිටා ඇති මෙම ගිනි කන්දේ ආවාටයේ සිට කිලෝමීටර් හතක අරයක් තුළ වාසය කරන පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර කිලෝමීටර එකොළහක් දුරට අහස අළු වළාකුළු වලින් වැසී ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබුණා. එහිදී දහස් ගණනක් ප්‍රදේශය අතහැර ගොස් තිබූ අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කෙරුණා.
උණුසුම් පුවත්
- ගෝලීය දේශපාලනය ගැන මාර කතාවක්
- ආයෙමත් පෝලිම් යුගයක් ගැන හෙළිදරව්වක්
- දින 45කට පසු බගවන්තලාවට ලැබුණු දේ
- කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
- දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්
- ඉන්සියුලින් එන්නත් මිල දී ගැනීමට ලංසු කැඳවයි
- මාලදිවයින සහ ශ්‍රීලංකාව අතර සහයෝගීතාව සම්බන්ධයෙන් ගිවිසුමක්
- මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්