ඉන්දුනීසියාවේ, උතුරු සුලවේසි පළාතේ මුහුදු ප්‍රදේශයේ දී මගී නෞකාවක හට ගත් ගින්නක් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයින් දෙසිය අසූ දෙනෙකු පමණ එහි සිට ඇති අතර එකසිය පනස් දෙනෙකු පමණ බේරා ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. මේ අතර සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද සඳහන්. එම පළාත් වේලාවෙන් ඊයේ පස්වරු එකට පමණ පළාතේ අගනුවර වන මනාඩෝ මුහුදේ යාත්‍රා කරමින් සිටියදී K.M බාර්සිලෝනා 5 නෞකාවේ මෙලෙස ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
- දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය














