ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ ප්‍රභල භූ කම්පනයක් සිදුව තිබෙනවා .
අදාළ දුපත් කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.7ක අගයකින් යුතුවයි මෙම භූ කම්පනය සිදුව ඇත්තේ.
මෙම භූ කම්පනය හේතුවෙන් තවමත් සුනාමි අවධානමක් හටගෙන නොමැති බව එරට භූ භෞතික විද්‍යා ඒජන්සිය පැවසූවා.
එමෙන්ම නැගෙනහිර ඉන්දුනීසියාවේ කුඩා නගර කිහිපයකට මෙම කම්පනය දැනී ඇති බවද එම ආයතනය සදහන් කළා .
ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ පැසිෆික් ගිනි වළල්ල ලෙස හඳුන්වන ප්‍රදේශය හරහා වන අතර එය භූ කම්පන ක්‍රියාකාරී කලාපයක් ලෙස හඳුන්වනවා .
මෙම භූමිකම්පාවෙන් අවම වශයෙන් නිවාස 15 කට සහ පාසල් ගොඩනැගිලි දෙකකට හානි සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
එහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද එහි දැක්වෙනවා.
ටැනිම්බාර් දූපත් යනු නැගෙනහිර ඉන්දුනීසියාවේ මලුකු පළාත තුළ පිහිටා ඇති දූපත් 30 ක පමණ කණ්ඩායමක්.