ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා.
ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසු ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙහිදී දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයන් ප්‍රතිඥා දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා 2025 පළමු කාර්තුව වන විට වරණිය වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ අවශ්‍යතාවය ද ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා මෙහිදී අවධාරණය කිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
- තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
- අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
- වෑන් රථයක් පෙරළෙයි
- වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
- අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ අවධානය
- පන්ති කාමරයක සිසුන් සීමා කිරීමට කටයුතු කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්