ජාත්‍යන්තර තාරකා විද්‍යා ආයතනය විසින් ඉන්දීය විද්‍යාඥයකුගේ නමින් ග්රහකයක් නම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.
තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබඳ ගෝලීය වශයෙන් විශිෂ්ට සේවාවක් ඉටු කර ඇති මහාචාර්ය ජයන්ත් මූර්ති එම ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය විද්‍යාඥයා බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
ප්‍රංශය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර තාරකා විද්‍යා ආයතනය සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා වස්තූන් නම් කිරීමේ කාර්ය භාරය සිදු කරනු ලබයි.
පසුගියදා නම් කළ ජයන්ත් මූර්ති ග්‍රාහකය 2005දී අමෙරිකාවේ ඇරිසෝනාහි කිට් පීක් ජාතික නිරීක්ෂණාගාරයේදී සොයාගනු ලැබූවකි.