ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ද වැඩිවශයෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
ඕස්ටේ්‍රලියානු රජය පසුගියදා එරට තුළ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ගත් පියවරත් සමග ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කෙරුණා.
ඒ අනුව මේ වන විට සමාජ මාධ්‍ය සීමා කිරීම් සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රාන්ත කිහිපයක අමාත්‍යවරුන් කරුණු අධ්‍යයනය සිදුකරමින් පසුවන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමා කිරීම පහසු නොවන කාර්යයක් බවයි එරට විශේෂඥයින් පෙන්වා දෙන්නේ.












