ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අයි .පී .එල් පිටියෙන් ද සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
38 හැවිරිදි ඔහු , තම අයි.පී.එල් වෘත්තීය ජීවිතයේ ආරම්භය සහ අවසානය එකම කණ්ඩායමක සිදුවීම ද වීශේෂත්වයක්.
අශ්වින් අයි.පී.එල් තරඟ 221 කදී කඩුලු 187ක් ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි ඔහු වාර්තා අතරට එක්ව ඇත්තේ.
වසර 15කට වැඩි කාලයක් ඔහු අයි.පී.එල් තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා.
එමෙන්ම ඔහු 2018 සහ 2019 යන වසර වලදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය ද කරනු ලැබුවා.