යුධ සමයේදී ඉන්දියාවට පළා ගොස් මේ වන විට සරණාගතයින් ලෙස එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට ඇති බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.