තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද දින පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .
මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ තෙන්කාසි සිට කෝවිල්පට්ටි දෙසට ගමන් කරමින් තිබූ තවත් බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර නිසා බස් රථ දෙකටම දැඩි අලභාහනි සිදුවී තිබෙනවා.තුවාල ලැබූ මගීන් 28 දෙනාම රෝහල්වල ප්‍රතිකාර ලබන අතර කිහිපදෙනෙකුගේ තත්වය බලපතල බව විදෙස් මාධ්‍ය සදහන්කර තිබුණා.













