ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බවයි.
කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණන් මෙම පියවර ගෙන ඇති බවයි ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ.