මේ වසරේ ජනවාරි මාසයේදී ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හදුන්වනු ලබන සමස්ත ක්රියාකාරකම් දර්ශකය පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේ අපනයන මිල දර්ශකය පෙර වසරට සාපේක්ෂව සියයට 8කින් පහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තාවල දැක්වෙන්නේ.
සියලු ප්රධාන අපනයන කාණ්ඩවල අපනයන මිල ගණන් පහළ යෑම ඊට හේතුව බව සඳහන්.