ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් සමත් වුණා.
මෙම වාර්තාව අලුත් වූයේ මේ වනවිට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් – අයර්ලන්ත දෙවන එක්දින තරගය අතරතුරදීයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු අප්‍රිකානු පිතිකරු ද විලර්ස් වන අතර ඔහුද පන්දු 16 කදී තම අර්ධ ශතකය රැස්කිරීමට සමත් වුණා.