ඉතිහාසයේ පළමු වරට ආර්ජන්ටිනාවේ උද්ධමනය සියයට 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
දකුණු ඇමරිකානු රටක් වන ආර්ජන්ටිනාවේ උද්ධමනය 1991න් පසු ඉතා ඉහළ අගයක් ගත් අවස්ථාව මෙය වන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
ඒ අනුව පෙබරවාරි මාසය සදහා වන උද්ධමන වාර්ථාව ඊයේ දිනයේදී නිකුත් කළ අතර, එහි සියයට 102යි දශම 5ක උද්ධමනයක් වාර්තා වී තිබුණා.
ආර්ජන්ටිනාව වසර 60කට පසු දරුණු නියඟයකට ගොදුරු වීම මෙලෙස උද්ධමනය විශාල ලෙස ඉහළ යෑමට බලපා ඇති බවද විදෙස් මාධ්‍ය වාරතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.