ඔන්ලයින් ක්‍රමයට හෙට සිට ඉඩම් සිතියම් ලබා ගැනීමේ අවස්ථාව පවතින බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය හෙට දිනයට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමටද එම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
මෙම තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව මහජනතාවට සලසා ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉඩම් තොරතුරු දත්ත පද්ධතිය හා ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධවයි.