ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා .ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වන්නේ .
ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා .