මතුගම උඩවෙල ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබී මිනිස් ඇටසැකිල්ලක් හමුව ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ උඩවෙල අංක 828 ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර ප්‍රදේශයේ තේ ඉඩමක තිබී මෙම ඇට සැකිල්ල හමුව ඇති බවයි.
පොලිසිය සැක පළ කරන්නේ මෙම ඇට සැකිල්ල මීට මාස කිහිපයකට පෙර මියයන්නට ඇති පුද්ගලයෙකුගේ ඇට සැකිල්ලක් බවටයි.
මෙය කාන්තාවකගේද පිරිමි අයෙක්දගේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරගෙන නැහැ.