ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදු වූ මාරක බස් රථ අනතුරින් පසු එම මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හඳුනාගත් ස්ථානවල ආරක්ෂිත බැමි ඉදිකිරීම, යකඩ වැටවල් සවි කිරීම, පස් බැමි ඉදිකිරීම් සහ මාර්ගයේ වංගු සහිත ස්ථානවල කණ්ණාඩි සවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ වන විටත් එම වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ.













