ඇල්ල ප්රදේශයේ ආරුක්කු 9 මෙන්ම ආරුක්කු 3 ප්රදේශයට ඉහළින් පිහිටා ඇති කඳු රක්ෂික කොටසේ හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
පොලිසිය, ප්රදේශවාසින්, යුධ හමුදාව මෙන්ම ගුවන් හමුදාව සහ බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව මෙලෙස හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු පවසන්නේ.
අදාළ ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර ගින්නට හේතුව සොයා ඇල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.