ඇල්පිටිය මූලික රෝහලේ ගොඩනැගිල්ල තෙවැනි මහලින් වැටි පුද්ගෙලයෙක් අද(10) අලුයම මියගොස් ඇති බව ඇල්පිටිය පොලිසිය පවසනවා.
කරන්දෙණිය කිරිපේද්දේ පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලබා ටිකට් කැපූ අයෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
නේවාසික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව මෙම පුද්ගලයා නිවසට නොයා රෝහලේ තෙවන මහලින් පැන්නාද නැත්නම් වැටුණාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය පවසනවා.













