වැව් තුනකට අයත් ප්‍රධාන ඇළ මාර්ගයක් වසර 10කට පසු ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.
වසර ගණනාවක් තිස්සේ වාන් ජලයෙන් යටවන මහවැලි ඩී කලාපයේ වැව් තුනකට අයත් ප්‍රධාන වාන් ඇළ පිළිසකර කිරිමේ කටයුතු ආරම්භ කෙරුණේ මහවැලි පුනරුදය වැඩසටහන යටතේයි.
මැද වැව / සමගි වැව / දිමුතු වැව යන වැව් තුන යටතේ ගොවිබිම් අක්කර 130ක් වගා කෙරෙනවා.
වැව් වාන් දැමිම නිසා එම ගොවිබිම් සෑම වසරකම යට වනවා.
නිසි ජල වහන පද්ධතියක් නොමැති වීම ඊට හේතුව බව හදුනාගත් වත්මන් රජය මහවැලි පුනරුදය හරහා රුපියල් ලක්ෂ 10ක් වැය කරමින් සමගි වැවේ වාන් ඇළ කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගත්තා.