ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට දැවැන්ත දූවිලි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇරිසෝනා ප්‍රාන්තයේ ෆීනික්ස් ප්‍රදේශයටයි මෙම දූවිලි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇත්තේ.
දූවිලි කුණාටුව හේතුවෙන් විදුලි බලය බිද වැටී ඇති අතර ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
හබුබ් ලෙසයි මෙවැනි දූවිලි කුණාටු හැඳින්වෙන්නේ.
දූවිලි කුණාටුව පවුරක් ආකාරයෙන් ඉදිරියට ගමන් කරමින් සම්පූර්ණ ප්‍රදේශයම වසා ගැනීමට ලක්කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.