කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නතර කරන්නේ නම් ඉරානය ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතු බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදු කරන බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරි පැය හයක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි. මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවද ඔහු අදාළ සටහනේ සදහන් කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය යනුවෙන්ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














