කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නතර කරන්නේ නම් ඉරානය ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතු බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදු කරන බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරි පැය හයක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවයි. මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බවද ඔහු අදාළ සටහනේ සදහන් කර තිබෙනවා. සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය යනුවෙන්ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි
- කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය කිරීමට සැලසුම්
- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය සහ කථානායක අතර හමුවක්
- දේශබන්දු ගැන සොයන කමිටුව රැස්වෙයි
- අගමැතිනිය කැනඩාවට
- ඩොක්ටර් මහේෂි තවදුරටත් රිමාන්ඩ්
- මගියෙක් යටකර පලාගිය යතුරුපැදිකරුවෙක් සොයා මෙහෙයුමක්
- දින 10 වසා දැමූ නෝර්ටන්බි්‍රජ් මාර්ගය යථා තත්ත්වයට