ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(14) පස්වරුවේ නානුඑය දුම්රිය ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කන්ද උඩරට කාර්ය බහුල දුම්රිය ස්ථානයක් ලෙස හැඳින්වෙන නානුඔය දුම්රිය ස්ථානයේ දැනට පවතින අඩුපාඩුකම් සම්බන්ධයෙන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති එච්.එල්.ඩී.පී.එච්. ලියනගේ මහතා ඇතුළු සේවකයින් විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.
දැනට නානුඔය දුම්රිය ස්ථානයේ පවතින ප්‍රධානතම අඩුපාඩුකම් කඩිනමින් සපුරාදීමටත් අමාත්‍යවරයා මෙම සංචාරයේදී එකඟතාවය පළකර තිබෙනවා.
නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම සේවාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.