ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිධන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් ප්‍රකාශ කර තිබෙනවා. ඇය මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ උපුටා දක්වමින්. 79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දක්නට ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් නිරීක්ෂණය වී ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අනුව, ඇමෙරිකානු ජනාධිපතිවරයාව වෛද්‍යවරුන් විසින් පරීක්ෂණයකට ද යොමු කර ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශිකාව පවසා ඇත්තේ.