අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහි දී මොණරාගල දොඩම්ගොල්ල මහා විද්‍යාලයේ ක්ෂේත්‍ර චාරිකාවකටද එක්විය. අනතුරුව එම විද්‍යාලයට විදුලි පාපැදි ලබා දීම ද සිදු වූ අතර පවත්නා ගැටලු පිළිබඳ ව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රෝහිත අමරදාස, බිබිල කලාප අධ්‍යපන අධ්යක්ෂ එච්. එම්. පී. කේ. හේරත්, එම විද්‍යාලයේ ඒ. එම්. ටිකිරි බණ්ඩාර යන මහත්ම මහත්මීන් හා ගුරුවරුන්, දෙමාපියන් මෙන් ම සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.