ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව කොළඹදී අද ආරම්භ වුණා.
මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රෙයිසස් මහතා සදහන් කලේ කලාපයේ සෞඛ්‍ය අභියෝග ජයගැනීමට සියලු දෙනා එක්විය යුතු බවයි .
ශ්‍රී ලංකාව නිරතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයට සහාය ලබාදීම අගය කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සදහන් කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ 78 වන සමුළුව අනිද්දා තෙක් කොළඹදී පැවැත් වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය කැතරිනා බෝහ්මෙ, සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් විදේශ තානාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු විශේෂඥයින් රැසක් ඊට සහභාගී වනවා.
මෙම සමුළුව ආරම්භ වූයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති ධූරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර තිබෙනවා.
එය වසර කාලයක් සඳහා වලංගු වනවා.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍යවරුන් හංසක විජේමුණි, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා.