අපද්‍රව්‍යවලින් ඔබ්බට දකුණු ආසියාවේ පෝෂණ ගුණත්මකභාවය වැඩි කිරීම සඳහා ආහාර, ජලය සහ බලශක්ති ප්‍රශස්තකරණය යන තේමාවෙන් පැවති ප්‍රතිපත්ති සංවාදයට අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහභාගී වී තිබෙනවා. මෙම වැඩසටහන ඊයේ කොළඹ, රත්නදීප හෝටල් පරිශ්‍රයේදී පවත්වා තිබුණා. මෙම ප්‍රතිපත්ති සංවාදය ලෝක බැංකුව, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ගේට්ස් පදනමේ සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ මූල්‍ය සහාය ඇතිව සංවිධාන කර තිබෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම ප්‍රතිපත්ති සංවාදය ආහාර නාස්තිය අවම කිරීම, ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සහ තිරසාර සම්පත් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් පැවැත්වෙනු ඇති. ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර ඇත්තේ. මේ අනුව ජාතික මට්ටමින් ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඒකාබද්ධකරණය, නවෝත්පාදනය සහ අන්තර්ගතභාවය යන අත්‍යවශ්‍ය සාධක තුනක් වැදගත් වන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා. තාක්ෂණික විසඳුම්, කෘෂි වෙළෙඳ වැඩමුළු, සහ ආහාර පද්ධතියට කාන්තාවන්ගේ සහ තරුණ, තරුණියන්ගේ දායකත්වයෙන් ළඟා කර ගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














