තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දිනා දුන් ජයග්‍රාහී මළළ ක්‍රීඩා පිරිස ඊයේ (07/17 )දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 03 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණා.
එහිදී මීටර් 800 කාන්තා , සහාය දිවීම මීටර් 400 × 4 සහ මීටර් 400 කාන්තා යන ධාවන ඉසව් වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණ අතර මිශ්‍ර සහාය දිවීම මීටර් 400 × 4 සහ කාන්තා සහාය දිවීම මීටර් 400 × 4 ධාවන ඉසව් වලදී රිදී පදක්කම් දිනා ගැනීමට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස සම්ත් වී තිබුණා.
එමෙන්ම මීටර් 800 කාන්තා තරග ඉසව්වෙන් ආසියානු වාර්තාවක් තැබීමට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සමත් වී තිබුණා.
මෙම ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 07/17 දින රාත්‍රී 09.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණ අතර ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ , ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ , ශ්‍රී ලංකා යුධ හමුදා මළළ ක්‍රීඩා කමිටුවේ , ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා අංශයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය , නෑදෑ හිතවතුන් , ඔවුන් ඉගෙනුම ලබන පාසැල් වල සිසුන් සහ ගුරුභවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටිා .
තරුෂි කරුණාරත්නගේ දෙමාපියන් , නංගී සහ අයියා ද ඒ අතර සිටී.




