ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙනවා.
මෙම තරගය ඒ කාණ්ඩයේ තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.
මෙිවන විට බී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ පසුගියදා බංගලාදේශ කණ්ඩායම හා හොංකොන් කණ්ඩායම අතර පැවති තරග දෙකම ජයග්‍රහණය කරමින්.
ප්‍රසාද ලකුණ සටහනේ දෙවැනි ස්ථානය බංගලාදේශය හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි.
කෙසේවෙතත් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරගාවලියේ සුපිරි 4දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබනවා.
තරඟය අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි