ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3ට ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ නේපාලන කණ්ඩායම ලකුණු 238න් පරාජයට පත් කරමින්.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 342ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක බාබර් අසාම් ලකුණු 151ක් සහ ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 23යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි.
පන්දු යැවීමේදී ශදාබ් ඛාන් ලකුණු 27ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
- වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
- සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්













