ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසියා පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම පිරිසිදුම ගුවන් තොටුපළ ලෙසද ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සභාව විසින් එය නම් කර ඇති බව සඳහන්.
මෙම ගුවන් තොටුපළ වාර්ෂිකව මගීන් මිලියන 40කට අධික පිරිසකට සේවා සපයන කාණ්ඩය යටතේ 2022 සඳහා ගුවන් තොටුපළ සේවා තත්ත්ව හොඳම ගුවන් තොටුපළ සඳහා වන සම්මානය ද ලබා ගෙනම තිබෙනවා.
මෙම සම්මාන ලබාදී ඇත්තේ ලොව ප්‍රමුඛතම ගුවන් තොටුපල පාරිභෝගික අත්දැකීම් මැනීමේ සහ මිණුම් සලකුණු කිරීමේ වැඩසටහන යටතේයි.
ගුවන් තොටුපළේ රැස් කරන ලද සමීක්ෂණ හරහා සජීවී පර්යේෂණ මත මෙම පිළිගැනීම පදනම් වී තිබෙනවා.
එහිදී – සංචාරකයාගෙන් ගමන් කරන දිනයේ සෘජුවම – ඔවුන්ගේ තෘප්තිය විමසා ශ්‍රේණිගත කිරීම කරනු ලබනවා.