ආරක්ෂක නියෝජ්‍ය ඇමැති, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාට
එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්
සමගි ජන බලවේගය අවධානය යොමු කර තිබෙනවා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා
(04 දා) සවස විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වූ බව එම පක්ෂයේ
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර මහතා නැඟෙනහිර පළාත්
ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත් ඊට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු
සාධාරණව සිදු කරගෙන යෑමට ඔහු නියෝජ්‍ය ඇමැති ධුරය දැරීම බාධාවක් බවත්
එම මන්ත්‍රීවරයා සඳහන් කළා
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන
මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය කෙටුම්පත්
කිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පැවසුවා