මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදිය යුතු බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීමේ අරමුණින් බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026 ජනවාරි 15 වන දිනට පෙර ඉල්ලීමක් කළ විට මෙම සහන ලබා දිය යුතු බවද එම නිවේදනයේ සදහන්.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














