මේ අනුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර්මාන්ත සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB), ජාතික ව්‍යවසායකත්වය සංවර්ධන අධිකාරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය(NPS), ජාතික ශිල්ප සභාව හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය යන ආයතන වල ලියාපදිංචි ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන්ට මෙම ලක්ෂ 2 ක මුදල ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
මේ සඳහා කර්මාන්ත හිමියන් විසින් www.industry.gov.lk වෙබ් අඩවිය හරහා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්, අපනයන සංවර්ධන නිලධාරීන් හා ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් මගින් මෙම දීමනාවලබාගැනීම සඳහා ඉල්ලීම් සිදුකළ හැකියි.
එසේම ‘දිට්වා’ සුලි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙන අතර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව අමාත්‍යාංශයට තොරතුරු ලබාදීමට “0712666660” යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර ආපදාවට පත්වූ කර්මාන්ත පිළිබඳව අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් ආපදාවට පත්වූ කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.










