දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ 2025 සැප්තැම්බර් මස 30 දිනට හෝ ඊට පෙර අදාල ගෙවීම් සිදු කරන ලෙසයි.
මෙම නියෝගය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, Online Tax Payment Platform මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම සහ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත ගොස් අදාල ගෙවීම් සිදු කළ හැකියි.
මෙහිදී ප්‍රමාද වීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














