සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්‍රලියානු කණ්ඩායම හිමි කර ගත්තා.
එහිදි එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 82 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා.
පසුගිය 17 වන දා ඇඩිලේඩ් ඕවල් හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 371 ක් ලබාගත්තා.
අනතුරුව එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 286ක් රැස්කර ගත්තා.
ඒ අනුව ඔස්ටේ්‍රලියාව ලකුණු 85ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එහිදී ඔවුන් ලකුණු 349 ක් රැස්කර ගැනීමට සමත්වුණා.
ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 435 ක ඉලක්කයක් හිමි වුණා.
දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 355 ක් පමණයි.
ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු තරග 3 ම ජයගත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට තරගාවලියේ ජය හිමි වුණා.
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














