මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ .
මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා .
ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .
අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 110 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් වාර්තා වල සඳහන්.
මෙම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි වෛරසයක් වනවා .
වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ .
මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බැවින් මෙය ඉතා මාරාන්තික බවයි මාධ්‍ය වාර්තා කරන්නේ .













