Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි 

    අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි 

    2026-01-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම අපේ ඉල්ලීම නෙවෙයි – ගුණාත්මක අධ්‍යාපනයක් දෙන එකයි විපක්ෂයේ ඉල්ලීම.

    ​අග්‍රාමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට සැලසුම් කළ විශ්වාසභංග යෝජනාව කිසිසේත් හකුලාගෙන හෝ යටපත් කර නොමැති බවත්, ආණ්ඩුවේ වැරදි පිළිගන්නා තෙක් එය ඉදිරියටම ගෙන යන බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අවධාරණය කරනවා.

    ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    ​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම විශ්වාසභංගය ගෙන ඒමට හේතු වූ කරුණු ආණ්ඩුව මේ වන විටත් වක්‍රව පිළිගෙන ඇති බවයි.

    ඒ අනුව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසරකින් කල්දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ විපක්ෂයේ චෝදනා හමුවේ බව ඔහු සඳහන් කළා.

    කෙසේ වෙතත්, ප්‍රතිසංස්කරණ කල්දැමීම විපක්ෂයේ ඉල්ලීම නොවන බවත්, එය රජයේ නොහැකියාව පෙන්නුම් කරන තීරණයක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

    ​විපක්ෂය ලෙස තමන් දිගින් දිගටම ඉල්ලා සිටියේ දරුවන්ගේ පෙළපොත්වලට ඇතුළත් කර ඇති අසභ්‍ය සහ අනුචිත කරුණු වහාම ඉවත් කර, රටේ දරුවන්ට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙසයි.

    එහෙත් එම වැරදි නිවැරදි කරනු වෙනුවට සමස්ත ක්‍රියාවලියම කල් දැමීම හරහා ආණ්ඩුව කරන්නේ ජනතාව මුලාවට පත් කිරීමක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    ​එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව ඉදිරිපත් වන මෙම විශ්වාසභංග යෝජනාව, “කාන්තාවකට එල්ල වන ප්‍රහාරයක්” ලෙස හුවා දක්වමින් විෂය පථය වෙනතකට හැරවීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.

    එය දේශපාලනික වශයෙන් ඉතා පහත් මට්ටමේ උපක්‍රමයක් බවත්, ගැටලුව ඇත්තේ ඇයගේ ක්‍රියාකලාපය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිහීම සම්බන්ධයෙන් මිස ස්ත්‍රී පුරුෂ භාවය මත නොවන බවත් ඔහු පැහැදිලි කර සිටියා.

    ​මීට අමතරව, වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන දැඩි විරෝධතාවල සාධාරණත්වය පිළිබඳව ද රෝහණ බණ්ඩාර මහතා සිය අදහස් පළ කළා.

    එමෙන්ම, අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් පසුගියදා සිදුකළ ”ප්‍රතිප්‍රහාර එල්ල කිරීම” සම්බන්ධ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොගැලපෙන, භීෂණය වපුරන ආකාරයේ ප්‍රකාශයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තකෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group