
ජාතික ජන බලවේගයේ බියගම ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
ඒ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින්.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
සැකකරු සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද සපුගස්කන්ද පොලිසිය එහිදී අධිකරණයට දැනුම් දුන්නා.














