අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේ.
පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුනා.
එම දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍යවලද සංසරණය වීම හේතුවෙන් ඒ පිලිබඳ වැඩි කතා බහක් ඇති වුනා. මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වනවිට තොරතුරු රස කරමින් සිටින බවයි ව්ර්තවන්නේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සවවලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවට පත්වන බවයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














