වයස අවුරුදු 12 ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.
ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවීම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළා.
මේ වන විටත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.










