අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ඒ අනුව වැලිගමදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ‘මෙෆෙඩ්‍රෝන්’ නම් මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙනවා.
රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ බව තහවුරු කර තිබෙන බවයි සඳහන්.
ඒ අනූව ශ්‍රී ලංකාවෙන් මෙම මත්ද්‍රව්‍ය සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බවට වාර්තා වනවා.
වැලිගම පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පසුගියදා මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා විදෙස් ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එම ස්ථානයේදී තිබී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගනු ලැබු අතර එහි සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි කටයුතු කළේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික පරීකෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ එම ස්ථානයේ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යවලට වඩා භායානක නව මත්ද්‍රව්‍යක් බවයි.
ඊට අදාළ වාර්තාව ඉදිරි දින කිහිපය තුල නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.