පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා .
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි .
අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පලමු පක්ෂ නායක රැස්වීමද මෙය වනවා .
ඒ අනුව මෙම රැස්වීමට සහභාගීවන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවද සදහන් .
මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙනු ඇති .
එදිනට ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා .
ඒ අනුව අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන් .
කෙසේවෙතත් 20වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි .
උණුසුම් පුවත්
- මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි
- එකට සූර් වී ගුටි ඇනගෙන අයෙක් රෝහලට
- මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- දඹුල්ලේ පානිය ජලයට වස මුසු කරපු අයවලුන්ට පවුල් පිටින් සවාරියක් සුදානම් කලයුතුයි .
- පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල පහතට
- VIDEO : B-2 Sprit වැඩ අල්ලයි – ඉරානයේ න්‍යෂ්ඨික බලාගාර වනසයි
- ඉරානයට එල්ල කළ අමෙරිකන් ප්‍රහාරය ගැන ඊශ්‍රායල් අගමැතිගෙන් ප්‍රකාශයක්
- එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්