රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත් බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණේ ඉඩම් ආරවුලක් සමතයකට පත්කරලීම සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව එම අල්ලස් මුදල ඔහුගේ නිල කාමරයේ දී ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පැවසුවේ.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













