ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කාර්යාලයේදී ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. සැකකරු විසින් දෙමටගොඩ, කොලොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක මෙම වර්ෂයට අදාළ බදු නිෂ්කාශන වාර්තාව නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස මෙලෙස ඉල්ලා ඇති බව සඳහන්. කෙසේ වෙතත් පසුව එම මුදල රුපියල් 50,000 ක් දක්වා අඩුකර ඇති අතර ඉන් රුපියල් 42,000 ක මුදලක් ඔහු විසින් පසුගිය තුන් වැනිදා ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉතිරි රුපියල් 8,000 ක මුදල ඊයේ දිනයේදී ලබා ගැනීමට යාමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මාලදිවයින් පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට ?
- අපි රට ගොඩ දානවා චතුරංග සහතික වෙයි – VEDIO –
- කාම්බෝජයට තායිලන්තයෙන් දැඩි චෝදනාවක් !
- යෞවන සමාජ අල්ලන්න ආණ්ඩු කරන වැඩේ දිලුම් කියයි – VEDIO –
- වර්ජන නෑ ! දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි සේවයට – VEDIO –
- චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අලුත් වැඩසටහනක්
- ඉන්දියාවේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටෙයි
- ජපානයේ රැකියා සඳහා යොමුවන්නන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න පියවර